මධ්‍යම කඳුකරය පුරා පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහවැලි ගෙඟ් ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (19දා) උදේ සිට විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජින්රු කාර්යාලය කියයි.
ජලාශයේ වාන් දොරටු දෙකක් එකක් අඩි දෙකයි අඟල් හය බැගින් විවෘත කර ඇති බවත් එමගින් තත්පරයකට ඝණ අඩි 4860ක ජල ධාරිතාවක් ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බවත් කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය තව දුරටත් පවසයි.
පවතින වැසි තත්වය හමුවේ වාන් දොරටුවලින් නිකුත් කරනු ලබන ජල ධාරිතාවය වෙනස් විය හැකි බැවින් ගඟ භාවිතා කරන පිරිස් අවධානයෙන් සිටිය යුතු බවත් කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කියයි.
මහනුවර - මොහොමඩ් ආසික්