මධ්‍යම කදුකරයට ඇද හැලෙන වර්ෂාව නිසා අද දින (22) පෙරවරුව වනවිට පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු හතරක් විවෘතව පවතින බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු 04 ක්, අඟල් 18" ( අඩි1'.6") බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළ මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 6,000 ක ජල ප්‍රමාණයක් නිකුත්කරන බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
පවතින වර්ෂාව අනුව දොරටු විවෘත කරන බැවින් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.