පොදු සමාව දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇති පොදු සමා කාලය තවත් සති දෙකකින් හෝ දීර්ඝ කර දෙන ලෙස එක්සත් රණවිරු ප්‍රජාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී .
මහනුවරදී අද (06දා) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් රණවිරු ප්‍රජාවේ සභාපති හිටපු යුද හමුදා කපිතාන් අසේල ධර්මසිරි මහතා අවධාරණය කර සිටියේ යුද හමුදා සේවය අතහැර ගොස් සිටින විශාල පිරිසක් මේ වන විට විදේශ රැකියාවල නිරත වී සිටින බැවින් ඔවුන්ට මෙම ක්‍රියාවලිය සඳහා අනුගතවීමට පොදු සමා කාලය දීර්ඝ කළ යුතු බවයි .
යුද හමුදාව හැර ගිය විශාල පිරිසක් මේ වනවිට වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක තාක්ෂණ කළමනාකරණ, නීතිඥ ආදි උසස් රැකියාවල නිරතව සිටින බව අවධාරණය කරන කපිතාන් අසේල ධර්මසිරි මහතා එම පිරිස්වලට විදේශ තානාපති කාර්යාලවලින් ලබා ගත යුතු අවසර මෙන්ම රැකියා ස්ථානවලින් ද අවසර ලබා ගැනීමට කාලයක් ගතවන බැවින් පොදු සමා කාලය තවත් දීර්ඝ කොට දෙන්නේ නම් ඔවුන්ට එය සහනයක් වනු ඇති බව පවසයි .
මැයි මස 20 වැනිදායින් පොදු සමා කාලය අවසන් වන බැවින් තවත් දින 15ක් හෝ දීර්ඝ කර දෙන්නේ නම් එම නිලධාරීන්ට අපහසුතාවකින් තොරව එම ක්‍රියාවලියට අනුගත වීමට හැකි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි .
පොදු සමාකාලය තුළදී වෛද්‍ය බළකා සෙබළුන්ට පසුගිය වසරේදී සමාව දුන්නත් මෙවර පොදු සමා කාලයේදී එය නොලැබෙන බව හමුදාපතිවරුන් ප්‍රකාශ කොට ඇත.ඔවුන්ට ද එම කාලය තුළදී සමාව දිය යුතුව තිබෙන බවද කපිතාන් අසේල ධර්මසිරි මහතා පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
