විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය පළ කරන දේශපාලන පක්ෂ. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති අතර නෛතික අවබෝධතා ගිවිසුමකට එළැඹෙන 17දා අත්සන් කිරිමට නියමිතව තිබුණත් මාඳුළුවාවේ සෝභිත හිමියන් හදිසියේ ඇතිවූ රෝගි තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම කල් යන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම ගිවිසුමට අත්සන් තැබීම 19දා සිදුවීමට බොහෝ දුරට ඉඩක් පවතින බවත් වාර්තා වෙයි.