පොදුජන පෙරමුණේ සියලු ප්රචාරක රැළි තාවකාලිකව නවත්වයි
එළැඹෙන මහ මැතිවරණය අරමුණු කරගෙන ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාය කරන ලද සියලු ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබ්.
ඒ අනුව එළැඹෙන 13,14,15 තෙදින තුළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතව තිබූ සියලු ප්රචාරක රැළි අත්හිටුවීමට කටයුතු කර තිබේ.
ඊට අමතරව මෙවර මැතිවරණය සඳහා තරග කරන ශ්රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් හා කුඩා රැස්වීම් සියල්ලද සීමා කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරන අතර යම් හෙයකින් කුඩා රැස්වීම් හා හමුවීම් පවත්වන්නේ නම් ඒවා දැඩි ලෙස සෞඛය උපදෙස් වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙස වැඩිදුරටත් දන්වා තිබේ.
ප්රචාරක රැස්වීම් හා ප්රචාරක කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
popular news
-
Don Sunday, 12 July 2020 08:17 PM
Oh ! we missed to see you addressing election rallies, why any big one got Corona ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

