පොඩි පැටී ඝාතනයේ ප්රධාන සැකකරුවෙක් මළගෙදරටත් ඇවිත් වීඩියෝ කරලා
පොඩි පැටී ඝාතනයට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු ඊයේ (7) පස්වරුවේදී ජීව අත් බෝම්බයක් සමග අහුන්ගල්ල වැලිකන්ද ප්රදේශයේදී සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ සැකකරු පොඩි පැටී ඝාතනය කිරීමට ඔත්තු බලා එම ඝාතනයට සෘජුවම සම්බන්ධ අයෙක් බවද පොලීසිය කියයි. පාතාලයට සම්බන්ධ විදෙස්ගතව සිටින අයෙකුගේ කොන්ත්රාත්තුවකට තමන් පොඩි පැටී ඝාතනයට ඔත්තු බලා වෙඩික්කරුට නිවැරදිව ඔත්තුව ලබාදුන් බව සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
එසේම පාතාල නායක ලොකු පැටී නමැත්තාගේ තවත් සමීපතයකු ඝාතනය කිරීමට සැකකරු අහුන්ගල්ල වැලිකන්ද සිය නිවස පිටුපස වළලා දමා තිබූ ජීව අත් බෝම්බයක්ද සොයා ගත් බවද පොලීසිය කියයි.
පොඩි පැටී ඝාතනයෙන් පසු සැකකරු ඔහුගේ මළ ගමටද සහභාහිවී එහි සියලුම තොරතුරු දුරකතන මාර්ගයෙන් සහ වට්සප් මාර්ගයෙන් අදාළ විදෙස්ගත පාතාල කල්ලි සාමාජිකයාට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය කරගත් බවද පොලීසිය කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

