පේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපති වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූ විද්‍යා අංශය ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට අලාභානි කිරීමේ සිද්ධියට මෙම සිසුන් දෙදෙනාද සම්බන්ධ බවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට පියවර ගත් බවයි නියෝජ්‍ය උපකුලපතිවරයා පවසා සිටියේ.
එසේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාද විධාන සහ වත්මන් සභාපති චමෝද් සත්සර යන සිසුන් දෙදෙනාගේය .
මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළත් විනිසුරුවරයාගේ තීරණය වූයේ එසේ අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොවන බවත් ඔවුන් දෙදෙනා සෘජුව මීට සම්බන්ධ නම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්ය .
මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජනවාරි මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ෂේන් සෙනෙවිරත්න