පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ පළමු වසරේ සිසුවකු ඔහු නැවතී සිටි නේවාසිකාගාරය තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ සිසුවා ඉකුත් (07) දින අළුයම් කාලයේ මෙසේ සියදිවි හානිකර හානි කරගැනීමට තැත් කොට ඇති අතර එම අවස්ථාවේදී ඔහු සමග සිටි අනෙක් සිසුවා කාමරයේ නැවතී සිටී අනෙත් සිසුවා කිසියම් අවශ්‍යතාවයක් සඳහා කාමරයෙන් බැහැරට ගොස් සිටි බව ද පැවසේ.
ඔහු ආපසු පැමිණි අවස්ථාවේදී කාමරයේ දොර අගුලු ලා තිබීම හේතුවෙන් ජනේලයෙන් කාමරය තුළට ඇතුළු වි අනෙක් සිසුවා කාමරය තුළ බිම වැටී සිටින අයුරු දැක අනෙකුත් ශිෂ්‍යයන්ගේ ආධාරයෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
මෙයට මාස හයකට පමණ ඉහතදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ සහ ඡායාරූප යොමු කරමින් ඔවුන් නවක වදයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කියන මෙම සිසුවා එම සිද්ධියට අදාළව පසුගිය 07 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දේ තිබුණත් ඊට පෙනී නොසිටි බවද විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම නවක වදය සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුව යටතට පත් කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් වල දැඩි විරෝධයක් ද පළ වී තිබුණි.