පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය වන අවස්ථාවේදී එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඊට සම්බන්ධ වූයේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවා මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් අනතුරුව මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටියේ එම සිසුවා එම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු බවත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ද එම ස්ථානයේ සිටී අයෙකු බවත්ය.
ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඊට සම්බන්ධ වූයේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවත් ඔහු ඊට සම්බන්ධ වූ බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව නිසි විනයානුකූල පියවර ගන්නා බවත්ය.
මේ අතර එම ප්‍රහාරයට විරෝධය දක්වමින් ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් ඉකුත් 18 වෙනි දින දක්වා අධ්‍යයන කටයුතුවලින් බැහැර වීමට පියවර ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය උපකුලපතිවරයා ගෙන් කල විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අද (19) සිට එම පීඨයේ ආචාර්යවරුන් නැවතත් අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වූ බවයි.
ෂේන් සෙනෙවිරත්න