පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ජේෂ්ඨ සිසුවෙකු අධික බීමතින් පැමිණ එම පීඨයේම පළමු වසරේ සිසුවෙකුට පහර දීම හේතුවෙන් එම සිසුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි.
මෙම පහරදීම ඊයේ (17) පස්වරු 5.30 ට පමණ එම විශ්වවිද්‍යාලයේ අයිවර් ජෙනිග්ස් නේවාසිකාගාරය තුළදී සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පහරකෑමට ලක්වූ සිසුවා කලා පීඨයේ පළමු වසරේ සිසුවකු වන අතර ඔහු නෝට්න් බ්‍රිඩ්ජ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පහර දුන් සිසුවා විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයිෙ. තමන් නේවාසිකාගාරයේ සිටියදී සිසුන් හතර දෙනකු පැමිණි බවත් ඉන් එක් සිසුවකු තමන්ට පහර දුන් බවත් සිසුවා පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ විශ්ව විද්‍යාල පරිපාලනය වෙනවෙනම විමර්ශන ආරම්භ කොට තිබේ .
ෂේන් සෙනෙවිරත්න