පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින්පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් කණ්ඩායමකට එම පීඨයේ ද්‍රවිඩ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ජේෂ්ඨ සිසුන් පිරිසක් එසේ නවක වදය දීමට උත්සාහ කොට ඇති බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුවෙකු විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලිකොට ඊට සම්බන්ධ වීඩියෝ පට ද එම සිසුන් විසින් සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ විනය පාලක ආචාර්යවරයෙකුට භාරදී ඇති බව පොලීසිය කියයි.
එම පැමිණිල්ලට සම්බන්ධ සියලු දත්ත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයට අනුබද්ධිත පරිගණක අපරාධවිමර්ෂණ ඒකකයට භාර දීමට නියමිතය .
පේරදෙනිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති හා මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ සිද්ධියට මුහුණ දී සිටින්නේ ද්‍රවිඩ මාධ්‍යයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරන නවක සිසුන් පිරිසක් බවත් නවක වදය දීමට උත්සාහ කොට ඇත්තේ ද ද්‍රවිඩ මාධ්‍යයෙන් එම පීඨයේ අධ්‍යාපනය හදාරන ජේෂ්ඨ සිසුන් පිරිසක් බවයි .
සිද්ධියට සම්බන්ධ සියලු දත්ත මේ වන විට පොලිසියට භාරදී ඇති බව පැවසූ ඒ මහතා ඊට අදාළ කරුණු පොලිසිය මගින් තහවුරු කර කරගැනීමෙන් අනතුරුව එම සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පැවසීය.
ෂේන් සෙනෙවිරත්න