පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකු විශ්ව විද්‍යාලය තුළ දී අද (16) පෙරවරුවේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය කියයි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා යාපනය ප්‍රදේශයේ සිට පැමිණි සිසුවෙකු එසේ ගෙල වැලලාගෙන මියගොස් තිබේ .
ඉංජිනේරු පීඨයේ සිසුන් රැඳී සිටින අක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයේ වැසිකිළිය තුළ ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී ඒ බව සිසුන් දැක විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී තිබේ .
පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ පේරාදෙණිය පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .