පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ 2022 ජනවාරි සිට මේ වසරේ මැයි වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනෙකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී ඇති බවය.
තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව දමහාචාර්යවරයා පැවසීය.
මහාචාර්යවරුන්ගේ විදේශගත වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨයයන පීඨයන්ට බවද ඒ මහතා අවධාරණය කළේය.
මෙම තත්වය මත සිසුන්ගේ අධ්‍යයන කටයුතු සිදුකරගෙන යාම ගැටලු සහගත තත්වයක ටපත්ව ඇති බව පැවසූ මහාචාර්යවරයා පිටතින් කථිකාචාර්යවරුන් කැඳවා අධ්‍යයන කටයුතු සිදු සිදුකරගෙන යාමට සිදුව ඇති බවද පැවසීය .