පේරාදෙණිය රෝහලේ ඇතිවී තිබූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඉන්දියානු විදේශ අමාත්‍යවරයාගේ මැදිහත් වීම පිළිබඳව බරපතල ගැටළුවක් මතුවන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
අනුරාධපුර දී අද (29දා) පපස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පි.තිලකරත්න මහතා ඒ සම්බන්ධයෙන්ප මෙසේ පැවසීය .
මේ වන විට හෘද , වකුගඩු සහ පිළිකා රෝගීන් භාවිතා කරන ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන් වී තිබෙනවා. මේ ආකාරයෙන් තව දුරටත් පවත්වාගෙන ගිය හොත් ඉදිරි මාස එකහමාරක කාලය තුළදී රටේ සමස්ත රෝහල් පද්ධතියම අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙනවා.
ඖෂධවල තොග අවසන් වීමට අමතරව මේ වනවිට සියයට තුන්සීයකින් පමණ ඇතැම් ඖෂධවල මිල ඉහළ ගොස් තිබෙනවා. රජයේ පැලැස්තර විසඳුම් වෙනුවට රෝගීන් පිළිබඳව අවධානය යොමු කර ස්ථිර විසඳුම් ලබා දීමට කටයුතු කරන මෙන් බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.
පේරාදෙණිය රෝහලේ මේ වන විට ශල්‍යාගාර තුළ නිර්වින්දනය සඳහා අවශ්‍ය වන ඖෂධ විශාල වශයෙන් තොග අවසන් තිබියදීත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳව අපේ කනගාටුව පළ කරනවා.
