අවශ්‍යතාව පිළිබඳ නිසි ඇගයීමකින් තොරව පේරාදෙණිය රාජකීය උද්හිද උද්‍යානයේ 200 වැනි සැමරුම සඳහා මිලදී ගෙන තිබූ රුපියල් හැටලක්ෂ,හැත්තෑ දෙදහස් හාරසිය හතරක් වටිනා (6,072,404) සමරු පලඟනා හා සමරුම් පොත් තොගයක් වසරකට අධික කාලයක් තිස්සේ අලෙවි කරගත නොහැකිව නිෂ්කාර්යයව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මිලදී ගෙන තිබූ සමරු පලඟනා හා සමරුම් පොත් අතුරින් රුපියල් තිස්පන්ලක්ෂ,තිස්හතරදහස්,නවසිය තිහක් වටිනා (3,534,930) සමරුම් පොත් 930ක් සහ රුපියල් විසිපන්ලක්ෂ,තිස්හත්දහස්,හාරසිය හැත්තෑ හතරක (2,537,474)සමරු පළඟනා 3273ක් නිෂ්කාර්යව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
අවශ්‍යතාව පිළිබඳ නිවැරදි ඇගයීමකින් පසු මිලදී ගැනීම් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ පිළිබඳ ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2022 වර්ෂයේ රටේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් 200 වස් සැමරුම් උත්සවය අපේක්ෂිත මට්ටමින් පැවැත්විමට නොහැකිවිම හේතුවෙන් මෙම භාණ්ඩ නිෂ්කාර්යව පවතින බවය.
චන්දන සමරවික්‍රම