ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පෙරහැරේ යන අලි පොහොට්ටුවට එකතු වි ඇති බවත් කොටන් අදින අලි සජිත් පේ‍්‍රමදාස මහතා සමග එකතු විමට නියමිත ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
මාතරදි ඊයේ (13) පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ 2014 පැවති ජනාධිපතිවරණයේදි එජාපය මහන්සිවෙලා මෛති‍්‍රපාල සිරිසේන මහතා පත් කරගත්තා. ඊට පසුව ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරුන් රජයට එකතු කරගත්තා. අද වෙද්දි ඒ රොත්ත පිටින්ම පොහාට්ටුවට එකතු වෙලා තියෙනවා. එජාපය ජනතාව අතර අප්‍රසාදයට පත්විමේ ප්‍රධාන හේතුව තමයි මේ අවස්ථාවාදි කල්ලිය එදා අපේ රජයට එකතු කර ගැනිම. ඒ අය හැමවෙලේම රජයේ ඉදිරි ගමනට අකුල් හෙලූවා. රාජපක්ෂලාගේ පරික්ෂණ වලට අකුල්හෙලූවා. මේ අය කටයුතු කරලා තියෙන්නෙ රාජපක්ෂලාගේ ඒජන්තවරුන් විදියට කියලා අපට පේනවා. අද මේ අය පොහොට්ටුවට එකතුවිම තුළ මේ අයගේ සැබෑ මුහුණුවර රටට හෙළිදරවු කරලා ඉවරයි. පොහොට්ටුවේ පාක්ෂිකයන් මේ බව දන්නවා. වැඩිකල් නොයා මේ අය දේශපාලන අනාතයන් බවට පත්වෙනවා.
ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පාක්ෂිකයන් අපි අතහරින්නෙ නැහැ. පෙරහැරේ ගිය අලි ටික අද පොහාට්ටුවට එකතු වුණත් කොටන් අදින අලි අද සජිත් පේ‍්‍රමදාසගේ ප්‍රතිපත්ති පිළිඅරන් තියෙනවා. ඒ අය දන්නවා බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැකෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමග එකතු විම තුළින් පමණක් කියලා. අපි දැනටත් සාකච්ජා කරනවා ඉදිරියේදි තවත් පිරිස් එකතු වෙයි කියලා අපි විස්වාස කරනවා’’ යැයි සමරවිර මහතා වැඩිදුරටත් පැවසිය.
මාතර - මහේෂ් මලවරආරච්චි
