පොලීසිය දැක පළායාමට උත්සාහ කල අපරාධකරුවකු ගමන්ගත් යතුරු පැදියක් පෙරලියාමෙන් පසුව එහි තිබී ජීව අත් බෝම්බටක් ඊයේ (1)රාත්රියේදී බටපොල පොලීසිය මගින් සොයාගෙන තිබේ.
ඒ සමගම එහි ගමන්ගත් අය සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනුණු අතර ඔහු පිළිබද සොයා බැලීමේදී සැකකරු නම් දරා සිටින රන් මාල කඩන්නකු බව පොලිසිය අනාවරණයවී ඇත.
බටපොල කිරලගහන්දිය ප්රදේශයේ රැදී සිටි පොලිස් නිලධාරින් දුටු මේ සැකකරු තමන් ගමන් ගත් යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව යතුරු පැදිය සමග පෙරලි ගොස් තිබේ.
ඒ සමගම ක්රියාත්මකවූ පොලිසිය තමන් දුටු සැනින් සැකකරු කලබලවුයේ ඇයිද යන්න පරික්ෂා කිරීමේදී ඔහු ගමන්ගත් යතුරු පැදියේ සගවා තිබු ජීව අත් බෝම්බය සොයාගෙන ඇත.
මේ සැකකරු ,ඔහු ගමන්ගත් යතුරු පැදිය හා ජීව අත් බෝම්බය සමග බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. බටපොල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත