පෙරපාසල් ගුරුවරිය සුදු ඉරිදේ හප්පා මරා පළා ගිය ව්‍යාපාරිකයා අල්ලයි
කැස්බෑව හල්පිට ප්‍රදේශයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පෙර පාසල් ගුරුවරියක හප්පා මරණයට පත් කර පලා ගිය මෝටර් රථ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
අනතුර සිදු වූ ඉකුත් 5 වෙනි දින ඒ ආසන්නයේ සිටි පුද්ගලයකු මෝටර් රථයේ ලියාපදිංචි අංකයේ අවසන් අංක 4 කොල කැබැල්ලක ලියා වෙළෙඳ සැළකට ලබාදී තිබියදී ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම මෝටර් රථය ඇඹිලිපිටිය ප්‍රදේශයේ එකක් බවට හඳුනා ගත් බව පොලිසිය කියයි.
අනතුරුව එහි ලියාපදිංචි අයිතිකරු හඳුනාගෙන ඔහු එය කුලී පදනම මත ලබා දී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එය කුලියට ලබා ගෙන තිබූ ව්‍යාපාරිකයා පොලිසියට කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනතුර ඔහු අතින් වූ බවට පිළිගත් බව පොලිසිය කියයි.
මැණික් පරික්ෂා කිරීමට යොදා ගන්නා විදුලි පන්දමක් මිලදී ගැනීම සඳහා බොරලැස්ගමුව කරා පැමිණෙන අවස්ථාවේදී මෙම අනතුර වූ බව සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි
එම අනතුරින් පොල්ගස්ඕවිට හල්පිට කහවත්ත මාවත පදිංචිව සිටි පුෂ්පිකා සෙව්වන්දි නාකන්දල 8 පෙර පාසල් ගුරුවරිය මියගිය අතර ඇයගේ 12 හැවිරිදි දියණිය තුවාල ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ එදින මෝටර් රථයේ පැමිණි තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීනි. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතා පරීක්ෂණ පවත්වයි
popular news
-
srimahal Monday, 09 October 2023 07:18 AM
This unknown person and the boutique keeper have done the best possible to them in assisting the police duties for follow-up. Vehicle driver and passenger should get the firm punishment for not looking after the incident. Sad to hear the news of the mothers death and new sufferings experience by injured young daughter due to the accident and injuries.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

