පෙම්වතුන් ගමන් ගත් යතුරු පැදිය ලොරියක ගැටිමෙන් පෙම්වතිය මරුට
පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක , යතුරු පැදියක යමින් සිටි පෙම්වතුන් දෙදෙනෙකු ගැටි පෙම්වතිය එම ස්ථානයේදීම මියගොස් බරපතළ තුවාල ලැබූ පෙම්වතා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ කහන්තොට පාරේ අංක 233/03 හි පදිංචි කෝෂණී ආලෝක්යා නමැති (25) විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක් බව පොලිසිය කියයි.
මෙම පෙම්වතුන් දෙදෙනා පාදුක්ක ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් සිය යතුරුපැදියෙන් ගොඩගම දෙස සිට මාළඹේ දෙසට යමින් සිටියදී පනාගොඩ යුද හමුදා කදවුර ආසන්නයේ මාර්ගය අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ කඩතොළු වූ ස්ථානයක යතුරුපැදිය වැටි විසිවී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී මෙම අනතුර වී තිබුණි.
අනතුර සිදුවීමත් සමඟ දෙදෙනා පැළඳ සිටි හිස් වැසුම් ගැලවී තරුණියගේ හිස ලොරි රථයේ ගැටීමෙන් තරුණිය එම ස්ථානයේදී මියගොස් තිබූ අතර බරපතළ තුවාල ලැබූ (27) හැවිරිදි තරුණයා ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
තරුණයාගෙ දකුණු පාදයට දකුණු අතට සහ නලලට තුවාල සිදුව ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුරට පත් මෙම පෙම්වතුන් දෙදෙනා ඉදිරි දිනකදී විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනකු බවත් ඊට අවශ්‍ය කටයුත්තක් සඳහා ගොස් යළි එමින් සිටියදී මෙම අනතුරට පත්ව තිබූ බවත් පැවසේ.
මියගිය තරුණියගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේදී (07) දා සිදුකිරීමට නියමිතව තිබුණි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

popular news
-
හේෂාන් Thursday, 10 August 2023 05:17 AM
ඔය කාලකන්නි වැඩේ ගොඩක්ම කරන්නෙ ජලසම්පාදන එකෙන් ...උන්ගෙ වතුර බට පාරවල් අයිනදිගේ නිසියාකාරව එලා ගැනීම උන් සතු වගකීමක් සහ ඒක එයාලගෙ රාජකාරිය ... කෝටිගනන් ජනතා බදු මුදල් වියදම්කරල හොදින් කාපට්කරල තියෙන පාරවල් මුං එකපාරට ඇවිත් හාරලා වැඩේ ඉවරවෙලා ආපහු ඒ පාර ඒ වල ගල්පස්දාලා ගොඩකරල යනවා .. ඒ පාර කඩන්න ප්‍රාෙද්ශිය සභාවට මුදල් ගෙවීමෙන් පසුයි පාර කැඩීමට අවසරය ලැබෙන්නෙ .. හැබැයි මිනිස්සු 4 ක් 5 ක් මැරෙනකල් ආයි ඒ පාරනම් හැදෙන්නෑ .. ඒ හැදුනත් ඒක ආයි තව අවුරුදු 15 කින් විතර කාපට් එකම දානකල් නිකං තාර වක්කරපු ලොකුවලක්ම විතරයි .. රථවාහන අනතුරු වැඩි ප්‍රමානයකට වගකිවයුත්තේ ඔය ජලසම්පාදනය සහ මාර්ග සංවර්ධන අධිකාරිය තමයි .. අමුතු විස්තර ඕන නෑ ..ඔයාලා ඉන්න පාරෙම කිලෝමීටර් 4 ක් 5 ක් ගිහින් බලන්න ඕන තරම් ඒකට උදාහරන ලැබෙයි ... මේ අනතුරවෙලා ඇත්තෙ පනාගොඩ කෑම්ප් එකේ හඹරකඩ ගේට් එක ඉදිරිපිට වෙන්න ඕන .. එතන වලවල් 5 ක් විතර තියෙනවා .. ඒ වලවල් ජනවාරිමාසෙ ඉදන් තියෙන ඒවා .. එතන විතරක් නෙමෙයි ගොඩගම ඉදන් එනකල් ඒවගෙ මාරකලිං ඔය දෙගොල්ලො එකතුවෙලා බරට කපලා තියෙනවා ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

