රජයට හිමි ලිට්රෝ ගෑස් සමාගමට වසර 10ක් තිස්සේ ගෑස් සැපයුම් කළ ඕමාන සමාගමක් ඉවත් කර ඒ වෙනුවට ස්විට්සර්ලන්ත සමාගමක් තෝරා ගැනීමට කටයුතු කර ඇති බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවැසීය.
මෙම නව සමාගම ගෑස් සැපයීමට අදාළ ගිවිසුමට මේ දක්වා අත්සන් කර නොමැති බවත් ඒ වෙනුවෙන් දිගින් දිගටම කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
ලංකාවට දින හතරකට වතාවක් ගෑස් නැවක් අවශ්‍ය බවත් නව සමාගම දිගින් දිගටම ගිවිසුමට අත්සන් නොකළ හොත් ලබන පෙබරවාරි මාර්තු වන විට ලංකාවේ ලි ට්රෝ ගෑස් හිගයක් ඇති වෙනු ඇති බව මන්ත්‍රීවරයා පැවැසීය.
එසේම මෙම ස්විට්සර්ලන්ත සමාගම ආසියාවේ කිසිම රටකට ගෑස් සැපයුම් නොකරන බවත් ඔහු පැවැසීය.