2026 පෙබරවාරි මාසය තුළ දී ශ්‍රී ලංකාවට සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි.
එසේම ගතවූ මාස දෙකක කාලය තුළ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655ක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.