2023 පෙබරවාරි මාසයේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ජාත්‍යන්තර සංචාරකයින් 11,926 දෙනෙකුට පහසුකම් සලසා ඇතැයැ එම ගුවන් තොටුපොළ පවසයි. ඒ අනුව ගුවන් තොටුපොළ හරහා පෙබරවාරි මාසයේදී පැමිණීම් 6259ක් හා පිටත්වීම් 5667ත් සිදුකර ඇතැයි ගුවන් තොටුපොළ සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.
ගුවන් තොටුපොළ හරහා ගුවන් යානා 72ක් සංචලන සිදුකර තිබේ. මේ අතර පසුගිය 06 දා සිට කසකස්තානයේ SCAT ගුවන් සේවයේද 2021 වසරෙන් පසුව නැවතත් මත්තල වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ.
