චීනයේ විශාලම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගමක් වන පෙට්රෝ චයිනා සමාගමේ නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.
එම සමාගමට ගෙවීමට ඇති මුදල්, ගෙවීම් කරන ආකාරය මෙන්ම අඛණ්ඩ සැපයුමක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බව අමාත්‍යවරයා පවසයි.
මෙම සාකච්ඡාව සඳා පෙට්රෝ චයිනා සමාගමේ උප සභාපති, පෙට්රෝ චයිනා ජාත්‍යන්තරය සමාගමේ කළමණාකරණ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඒක්ව සිටින බව අමාත්‍යවරයා පවසයි.
පෙට්රො චයිනා හා ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර වසර 10ක සබඳතාවක් ඇති බවත් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමේ විශාලම සැපයුම්කරුවෙක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.