ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වේ.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුකර නැත.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක්
ඉන්ධන මිල ගණන් ද ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිළ ගණන්වලට සමපාත වන පරිදි සංශෝධනය කර තිබේ.