ඉන්ධන නොමැතිව රට බරපතල තත්ත්වයකට පත්ව ඇති බව රජය පිළිගන්නවාද යන්න සහ එය පිළිගන්නේ නම් ඒ පිළිබඳ ගන්නා වූ පියවර රටේ ජනතාවට සඳහන් කරන ලෙස රජයට සඳහන් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඉන්ධන නොමැතිව රට බරපතල අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නා බවත් රජය මෙම ප්රශ්නයේදී වැරැද්දක් සිදු කරන්නේ නම් එය කුමක්ද යන්න පිළිබඳ රජයට පෙන්වා දෙන ලෙස විපක්ෂයට සඳහන් කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසිය.
මේ අතර වාහන සඳහා භාවිතා කිරීමට වර්ථමානයේ ඉන්ධන කොපමණ තිබේද යන්න සහ එම ඉන්ධන දින කීයකට ප්‍රමාණවත් වන්නේද යන් පිළබඳව ජනතාව දැනුවත් කරන ලෙස විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.
වර්ථමානයේ පෙට්‍රල් 92 දින 10ට, පෙට්‍රල් 95 දින 40ට, ලංකා ඔටෝ ඩීසල් දින 08ට සහ සුපර් ඩීසල් දින 08 රජය සතුව තොග පවතින බවත් එමෙන්ම ඉදිරියේදී ඉන්ධන තොග ලැබීමට නියමිත බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව විදුලිබල මණ්ඩලය සඳහා දින 06ට ප්‍රමාණවත් ඩීසල් ලබා දීමටද කටයුතු කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.