හලාවත සිට කල්පිටියට නීතිවිරෝධී ලෙස,අධි ශීතාගාර ලොරියකින් ප්රවාහනය කරමින් තිබූ පෙට්රල් ලීටර් 1429 ක්,නොරොච්චෝල පොලිසිය හා නාවුක හමුදාව විසින් දලුව ප්රදේශයේ දී අද (18දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්ධන තොගය සමග ලොරියේ රියදුරු සහ සහායකව ද අත් අඩංගුවට ගෙන ඇත.
නාවුක හමුදාවට ලද තොරතුරකට අනුව,නොරොච්චෝල පොලිසිය හා නාවුක හමුදාව විසින් ක්රියාත්මක කළ ක්ෂණික මාර්ග බාධකයකදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇත.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 29 වියේ පසුවන,හලාවත මුගුණවටවන සහ රීදී වැල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වෙති. කලක පටන් මොවුන් මෙම ඉන්ධන ජාවාරමේ නිරතව පසුවන බවට තොරතුරු අණාවරණය වී ඇත.
සැකකරුවන් පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.නොරොච්චෝල පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවයි.
කල්පිටියකුමාරී කොට්ටහච්චි
