රුපියල් 68000ක් වටිනා පෙට්රල් බූලි 7 ක් (ලීටර් 140 ) ත්රී රෝද රථයකින් ප්රවාහනයකරමින් තිබූ 41 හැවිරිදි පුද්ගලයෙක් උඩුවර පොලිස් මාර්ග බාධකයකදී ඊයේ (24දා) සවස අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
හපුතලේ ඉන්ධන පිරවුම් හලකින් ලබාගත් බව කියන මෙම ඉන්ධන වැඩිමිලට විකිනීම සදහා ඌව කැටවලට රැගෙන යමින් තිබූ බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කළේය.
සැකකරු අද (25දා) බදුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
බදුල්ලේ පාලිත ආරියවංශ
