හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල (31) දින සිට පෙට්රල් ඉන්ධන හිගයක් පවතින පෙට්රල් වාහන හිමියන් පවසයි.
(31) දින පස්වරුවේ සිට පෙට්රල් ඉන්ධන හිගය පවතින බවත්, එම නිසා තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි ත්රිරෝද රථ රියදුරන් ඇතුළු පෙට්රල් වාහන හිමියන් කියා සිටින්නේ.
පෙට්රල් ඉන්ධන හිගය ඇති විමට හේතුව අප එම ඉන්ධන පිරවුම්හල් වල කලමණාකාරවරුන්ගෙන් කල විමසුමකට ඔහුන් කියා සිටියේ පෙට්රල් ඉන්ධන මිල අඩු කිරිමට රජය සුදානම් වන බවට තොරතුරු ලැබි ඇති නිසා පෙට්රල් ඉන්ධන ලබා ගැනිමට ඇණවුමක් ඉදිරිපත් නොකල බවයි.
පෙට්රල් හිගය නිසා යතුරුපැදි සහ පෞද්ගලික වාහන වලින් රාජ්ය සහ පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන සේවකයින් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.