පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ දිවයිනට ළඟා විමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එහි සාම්පල පරීක්ෂා කිරීමෙන් අනුතුරුව හෙට දිනයේ සිට ගොඩ බෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම නෞකාව සඳහා අවශ්‍ය සියලු මුදල් මහ බැංකුවේ සහයෝගයෙන් ගෙවා දැමුණ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.