ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් පූගොඩ පොලිස්ථානාධිපතිවරයාට පහර දීමක් හේතුවෙන් ප්රතිකාර සඳහා ගම්පහ දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ .
අධිකරණ නියෝගයකට අනුව ඊයේ (27දා) රාත්රියේදී වරෙන්තුකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කොට ඇති බවත් හිසට පොලු පහරක් එල්ලවී ඇති ස්ථානාධිපතිවරයා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ප්රතිකාර ලබමින් සිටින බවත් කළ විමසුමසකට පිළිතුරු දෙමින් ගම්පහ කොට්ඨාසය භාර ජේ්්යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
මෙම පහරදීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිටත් අත් අඩංගුවට ගෙන ඇති බවත් තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.
ගම්පහ තිලකරත්න දිසානායක