උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ වැලිමඩ පුහුල්පොල ප්‍රදේශයේ ඉදිකෙරුණු පුහුල්පොල ජලාශය පරීක්ෂා කිරීම් කටයුතු සඳහා මේ දිනවල ජලයෙන් පිරවීමේ කටයුතු සිදු කරමින් පවතියි.
උමාඔය පුහුල්පොල ප්‍රදේශයෙන් හරස් කර ඉදිකර ඇති මෙම ජලාශයේ සිට වැල්ලවාය කරදගොල්ල ප්‍රදේශයේ ඉදිකරනු ලබන භූගත ජල විදුලි බලාගාරය වෙත ජලය උමගක් මගින් ගෙන යෑමට සැලසුම් කර තිබේ.
මෙම පුහුල්පොල ජලාශය ඉදිකිරීමෙන් පසු පරීක්ෂා කිරීම් කටයුතු සඳහා එය ජලයෙන් පිරවීම මේ දිනවල සිදු කරනු ලබන අතර, ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ජලාශය වාන් දැමීමටද පටන් ගෙන ඇති බවත් එය නැරඹීම සඳහා ප්‍රදේශවාසින්ද පැමිනෙමින් සිටින බවත් එ ව්‍යාපෘතියේ වාරි ඉංජිනේරුවරයා පවසා සිටියේය.
මෙම ජලාශය ඉදිකිරීමේදී ඒ සඳහා අත්පත් කර ගත් පුහුල්පොල කුඩා නගරයද මේ වනවිට ජලයෙන් යට වී තිබේ.
වැලිමඩ - කුමාරගේ


