පුලියක තිබූ කෝටි 10ක අයිස් අල්ලයි
රුපියල් කෝටි දහයක ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක , සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබියදී 05/17 පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම මත්ද්‍රව්‍ය තොගය පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ 25 හැවිරිදි ගොවියෙකුගේ ලිපිනයට එවා තිබූ අතර , ඔහු මෙම " පුලිය " සහිත ඇසුරුම භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම් සංකීර්ණය වෙත පැමිණ සිටියදී , ඔහු ඉදිරිපිට මෙම ඇසුරුම ගලවා පරීක්ෂා කිරීමෙන් පසු , ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම " පුලිය " තුළ කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 101 ක් බරැති මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙතැම්පටමයින් තොගය සහ ඒවා භාර ගැනීමට පැමිණි තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
