පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීම යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බැවින් 2026.04.17 සිකුරාදා දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුලු සියලුම මහජන සේවාවන් ක්රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාව වෙත නිවේදනය කරයි. මේ සම්බන්ධව මහජනතාවට සහ සෙසු ආයතනවලට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරයි.