පුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බන ලද චෛත්‍යයක් රුපියල් කෝටි 100 ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් අංශයට ලද තොරතුරු අනුව වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් ඇල්ල සහ කෝන්ගල පදිංචි වයස අවුරුදු 22 හා 34 පසුවන්නන් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වේයන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇත.
