පුරවැසියෙකුගේ ප්‍රශ්න කිරීම් හමුවේ පාරිභෝක අධිකාරී නිලධාරීහු නිහඩ වෙති
සෑම වෙළඳසැලකම අලෙවි කිරීමට ඇති පාරිභෝගික භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරෙන අතර එම නීතිය කඩකරන සෑම අයකුටම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කොට ඇතැයි එහි අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා දඹුල්ල ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයක මිල දර්ශනය කිරීම පිළිබඳව සොයාබැලීමේ අවස්ථාවටකට එක්වෙමින් 23 දින පස්වරුවේ මේ බව සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා භාණ්ඩ මිළ ප්‍රදර්ශනය අවශ්‍යතාව එම මිල ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව එම නීතිය සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්‍රියාකලාපයන් පිළිබඳව මාධ්‍ය වේදීන් වෙත තොරතුරු ලබා දෙන අවස්ථාවේ වෙළඳසැලක් සඳහා පැමිණ සිටි අයෙකු දැඩි ලෙස කියා සිටියේ පාරිභෝගික අධිකාරියේ කටයුතුවල තුළ විශ්වාසයක් ජනතාවට නොමැති බවයි.
පාලන මිල යටතේ කීරී සම්බා සහල් අලවි වනවාදැයි ඔහු දැඩිව අධ්යක්ෂවරයාට චෝදනා එල්ල කරන්නට විය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට බිත්තර සඳහා පාලන මිලක් දමා තිබුණ ද එම මිලට බිත්තර තිබේදැයි ප්‍රශ්න කරන්නට විය. අධ්යක්ෂවරයාට ඊට කිසිදු පිළිතුරක් ලබා දීමට නොහැකි වීමද විශේෂත්වයකි.
එමෙන්ම කීරි සම්බා මිල වෙළඳසැල් තුල ප්‍රදර්ශනය කොට ඇති පාලන මිල දැයි ඔහු පාරිභෝගික අධිකාරියේන් විමසන්නට විය. පසුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කිසිවක් ප්‍රකාශ නොකොට පිටව යන්නට වීම විශේෂත්වයකි.
මෙහිදී මාධ්‍ය ඇමතූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා කියාා සිටියේ සති දෙකක කාලයක් තුළ මෙරට සියලුම වෙළඳ සැල් තමන් අලෙවි කරන භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව යි.
මෙම නීතිය ක්‍රියාත්මක නොකරන අයවලුන් සඳහා මාස හයක සිර දඬුවම් නියම කළ හැකි බව ද අධ්යක්ෂවරයා පෙන්වා දුන්නේය.
popular news
-
srimahal Monday, 24 July 2023 11:34 AM
Good that one made a voice and good that other become silent to cat fast immediately. Hope this is covered island wide, for bread and bakery products, eggs, rice, other eatables, gram stores, tea prices, fish and meat products and other any prices are not displayed need approve prices displayed all time and every time
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

