2027 සිට 2030 දක්වා පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ සැලැස්ම පසුගිය සතියේ ලංවිම විසින් ඉදිරිපත් කරන ලද බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර මහතා කියයි.
2022 දී පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 211ක් ජාතක පද්ධතියට එක්කර ඇති බවත් ඉන් මොගාවොට් 146ක් වහල මුදුනේ සවි කළ සූර්ය පැනල හරහා ලබගත් විදුලිය බවත් අමාත්‍යවරයා පවසයි.
2027-2030 අතර පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 3075 ක ධාරිතාවක් එකතු කිරීමට සැලසුම් කර ඇති බවත් මෙගාවොට් 1525 ක ගබඩා ධාරිතාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරය වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

