පොළොන්නරුව කඳුරුවෙල නගරයේ දී අද (01) දහවල් කළ පුද්ගල පහරදීමකින් හැටපස් හැවිරිදි අයෙකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලීසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොළොන්නරුව ගිරිතලේ ප්රදේශයේ පදිංචි සේනාධිපති විජේදාස නැමැති (65) යන අයෙකි.
පහරදීම සිදුකළ බව කියන පුද්ගලයා අරලගංවිල බෝගස්වැව ප්රදේශයේ පදිංචි (61) හැවිරිදි අයකු බව විමර්ශන සිදුකරන පොලීසිය පවසයි.
සැකකරු පොළොන්නරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
