පුද්ගල ඝාතනයකට පහක් පෝරකයට
පොලු මුගුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරිමට වරදකරු වූ පුද්ගලයන් පස්දෙනෙකුට වසර දහනමයක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මරණ දඩුවම ලබාදෙන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
මෙසේ මරණ දඩුවම නියම කෙරුණේ එකම පවුලේ පියා ,පුතුන් ඇතුලු ඥාතීන් තිදෙනෙක් වන බටපොළ බටදූවේ පදිංචි කුලප්පුවාවඩු වසන්ත ජයලත්,කුලප්පුවාවඩු පර්ල් බන්දුල,කුලප්පුවාවඩු නන්දන පද්මකීර්ති සහ එම ලිපිනයේ පදිංචි සන්දාමරක්කල ජනක කුමාර ,හිනිදුමගේ ලහිරු මධුරංග නැමැත්තන්ටය.
විත්තිකරුවන් අතින් ඝාතනයවී තිබුණේ බටපොළ බටදූව පදිංචි මංජුල නමැත්තෙකි.2007 ජූලි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පවුල් ආරවුලකට විත්තිකරුවන් පොලු මුගුරුවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව පැවසූ බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා මේ විත්තිකරුවන් පස් දෙනාටම මරණ දඩුවම ලබාදෙන ලෙස නියෝග කළේය.
රජයේ අධි නීතීඥ හිරුණි ගුණතිලක මහත්මිය මේ නඩුවේ මෙහෙයවූ අතර මීටියාගොඩ පොලීසියේ පොලිස් කොස්තාපල් අරුණජිත් මහතා(97474)ඊට සහයෝග විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

