පුද්ගල ඝාතනනයට උත්සාහ කළ සැකකරු පොලීසිය බලය භාවිත කිරීමේදී මරුට
පුද්ගලයෙකුගේ අත්පා වෙන් වෙන වන ආකරයට තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරුවෙක් පොලීසිය සිදු කළ බලය භාවිත කිරීමකදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය 19 දා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යම් විමර්ශයක් සඳහා අද අලුයම් කාලයේදී වේයනගොඩ ප්‍ර දේශයට ගොස් ඇති අතර මෙහිදී සැකකරු කළ යම් ක්රියවකදී පොලීසිය සිදුකළ බලය භාවිත කිරීමේදී ඔහු තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් තිබේ.
37 හැවැරිදි මෙම සැකකරුට එරෙහිව මහාධිකරණ නඩු තුනක්ද පවතින බවත් පොලිස් කොස්තාපල්වරයෙක් මෙහිදී තුවාල ලබා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළෙය්.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා විමර්ශනයක් කිරීමට නියමිතව තිබේ.
popular news
-
Demuni Uduwara Tuesday, 29 December 2020 01:38 AM
6.9 millions have now brains ; heart existed were discarded. Others have learnt you before us.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
