සමාජ මාධ්‍යයේ සංසරණය වන පුද්ගලයෙකුට පහර දීමේ වීඩියෝ පටයකට අදාළව ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළ බවද පෙන්වා දෙයි.
මේ අනුව අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුණෑගල දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරිවරයා විසින් සිදුකරනු ලබයි.
පසුගිය 24වන දින රාත්‍රී කාලයේදී ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේදී අධික වේගයෙන් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් පරික්ෂා කිරීමට යාමේදී බහින්බස් වීමක් සිදුව තිබෙන බවට අනාවරණය වී තිබෙන බවද සඳහන් කරයි.