බහින්බස්වීමක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිදෙනකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මඩකලපුව උප ඒකකයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
කාත්තන්කුඩි ,නාවල්අඩි ප්රදේශයේදී පසුගිය (17) දින පස්වරුවේ පුද්ගලයකු සමග පුද්ගලික හේතුවකට බහින්බස්වී එය දුරදිග යාමෙන් ඔහුට පහරදී තුවාල සිදුකර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඉහත නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ පුද්ගලයා මඩකලපුව රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි යි. කාත්තන්කුඩ් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.