2018.09.09 දින නාරංගස්පිටිය, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව, 2026.06.08 දින නිට්ටඹුව පොලිස් වසමේ රණ්පොකුණුගම ප්‍රදේශයේදී මෙම අපරාධයට අවශ්‍ය කර සිටි
සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 47 ක් වන රණ්පොකුණුගම, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනි අවියක් එයට යෙදන පතරොම් 05 ක්, ටී-56 පතරොම් 04 ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 08 ක් හා බෝර 12 වර්ගයේ පතරොම් 02 ක් විමර්ශන නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.