2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණය අද (24) තීන්දුව ප්රකාශයට පත් කර ඇත.
ඒ අනුව, මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සඳහා මරණ දඬුවම නියම වී ඇත.
අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ලක් වී ඇති අතර , සිද්ධිය සම්බන්ධ සියලු කරුණු සලකා බැලීමෙන් පසු මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.