මැදවච්චිය පොලිස් වසමේ ඉසින්බැස්සගම ප්රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට 2025.10.27 වන දින උදෑසන කාලයේ මැදවච්චිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකාරිය වයස අවුරුදු 81 ක් වූ ඉසින්බැස්සගම, මැදවච්චිය ප්රදේශයේ පදිංචිකාරියකි.
මෙම මරණකාරිය කථන ආබාධයක් සහිත තම පුත්රයා සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර 2025.10.26 වන දින රාත්රී කාලයේදි පුත්රයා විසින් පොරවකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෘත ශරීරය මහේස්ත්රාත් පරික්ෂණයෙන් පසු අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.