පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවෙකුටත් කොවිඩ්
පුත්තලම හින්දු විද්‍යාලයේ සිසුවකු කොවිඩ් 19 ආසාදිත විමත් සමග එම සිසුවාගේ ආශ්‍රීතයින් සියල්ලම (17 ) දින නිරෝධායනයට ලක් කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙසේ ආසාදිත වි ඇත්තේ පුත්තලම හින්දු විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිසුවකු වන අතර මොහු පුත්තලම තිල්අඩිය පදිංචිකරුවකු බව කියයි.
අදාල සිසුවාගේ මව මදුරන්කුලිය කර්මාන්ත ශාලවේ සේවය කරමින් සිටියදී මෙයට පෙර කොවිඩ් ආසාදිතව ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබු අතර මව ආසාදිත විමෙන් පසුව සිසුවා ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට යොමුකර තිබුනී.
සිසුවා ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පෙර පාසලට පැමිණ ඇති බව කියයි.
සිසුවා පසුගිය සතියේ පාසලට පැමිණිම හේතුවෙන් මෙම ආසාදිත සිසුවා සමග අදාල පන්තියේ අධ්‍යාපන කටයුතු වල නිරත වු සිසු සිසුවියන් 13 දෙනෙකු හා මෙම සිසුන්ද අධ්‍යාපනය ලබා දිමට සම්බන්ධ ගුරුමහත්මින් තිදෙනෙකුද සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට යොමුකර තිබේ.
හින්දු විද්‍යාලයේ විදුහල්පති ඒ.තම්බිතුරේ මහතා පවසා සිටියේ අදාල සිසුවා ආසාදිත විමත් සමග පාසලේ අදාල සිසුවා අධ්‍යාපනය ලැබු පංති කාමරය හා අනිකුත් ගොඩනැගිලි විෂබිජහරණය කිරිම සිදුකල බවයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

