පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් පිරිසක් පාපැදි හා කරත්ත වල නැගි රජයට විරෝධය පාමින් අද (26දා) පැවති නගර සභා රැස්විමට පැමිණයහ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රින් 11 දෙනෙකු පුත්තලම කලපු තිරයෙ ස්ථාපිත කර ඇති ගෝඨාගම අසලින් පාපැදි හා කරත්ත වල නැගි රැස්විමට පැමිණිම දැක ගත හැකි විය.
ඉන්ධන,ගෑස්,කිරීපිටි හා හා අනිකුත් අත්‍යව්‍ය දෑ වල මිල ගනන් සිග්‍ර ලෙස ඉහල යාමත් ජනතාව අත බදු පටවමින් සිටිමටත් විරෝධය දක්වා රජය වහාම ඉවත් වන්නැයි ඉල්ලමින් මෙසේ විරෝධය පාමින් පැමිනෙන්ට විය.
නගරය මැදින් ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙසේ මන්ත්‍රිවරුන් පැමිනිම සිදුවිය.
මෙසේ පැමිනි මන්ත්‍රිවරුන් හා මන්ත්‍රිවරියන් පිරිස මාසික නගර සභා රැස්විම පැවති පුත්තලම මහජන පුස්ථකාල භුමියට පැමිනිම සිදුවු අතර එහිදිද විරෝධය මතු කරන්නට විය.
ඒ සමගම නගර සභා මාසික රැස්විම ආරම්භ කිරීමට පෙර මුලසුනේ රැදි සිටි පුත්තලම නගරාධිපති එම්.එස්.එම්.රෆික් මහතා ඉදිරියෙදි ඒ වන විට රැස්විම් ශාලාවේ සිටි එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් 13 දෙනෙකු පොස්ටර් ඔසවමින් නැවතත් විනාඩි පහකට ආසන්න කාලයක් රජයට හා ජනාධිපතිවරයාට විරෝධය මතු කරන්නට විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන උප නගරාධිපති සුසන්ත පුෂ්පකුමාර හා මන්ත්‍රි මොහාන් දුමින්ද මහත්වරුන් රැස්විම් භුමියට පැමිණියේ මෙම විරෝධතා අවසන්වි රැස්විම් වැඩ කටයුතු ආරම්භ විම සිදුවන අවස්ථාවේ විම විශේෂයක් විය.
පුත්තලම නගර සභාවේ සමස්ථ මන්ත්‍රිවරුන් පිරිස 19 ක් වන අතර එයින් එක් අසුනක් හිස්ව පවති.



