පුත්තලමේ දේව ප්රතිමාවන් දෙකකට හානි කළ පිරිස් සොයා පරික්ෂණ
පුත්තලම නගරයේ කතෝලික දෙවස්ථාන දෙකක සුරුවම් දෙකකට එල්ලවි ඇති ප්රහාරය සම්බන්ධව පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පුළුල් පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.
මෙසේ ප්රහාර එල්ල වි ඇත්තේ පුත්තලම නගරයේ පිහිටි ප්රධාන කතෝලික දෙවස්ථානය වන ශාන්ත මරියා දෙවස්ථාන හා පාලවිය නගරයේ පිහිටි ද්ව්ය හෘද ජේසු කතොලික දේවස්ථානය වල සුරුවම් වලට බව පොලීසිය පවසයි.
ගල් ප්රහාරයෙන් සුරුවම් වලට හානි සිදුව නැතත් එය ආරක්ෂාවට යොදා තිබු විදුරු වලින් සකසා තිබු අරක්ෂීත කුටි වලට හානි සිදුව ඇති බව පොලිස් නිලධාරින් පවසයි.
මෙම ස්ථාන දෙකටම ගල් ප්රහාර කුමන වේලාවක එල්ල වි ඇති දැයි සොයා බැලිම සදහා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ .
සිද්ධියත් සමග අදාල ස්ථාන වලට පොලිස් විශේෂ කණ්ඩායම් කිපයක් පිටත් කර තිබු අතර ඒ සමගම පොලිසි නිල සුනඛයින් යොදවා සොදිසි කිරිම් අරඹා තිබුනී.
මේ සමගම පොලිස් අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරින් ද අදාල ස්ථාන වලට පැමිණ අදාල පරික්ෂණ අරඹා තිබුනී.
සිද්ධියත් සමග කතෝලික බැතිමතුන් කලබල විම වැලැක්විමට අදාල දෙවස්ථාන භාර පියතුමන්ලා බැතිමතුන් සන්සුන් කර තිබුනී.
ද්ව්ය හෘද ජේසු කතොලික දේවස්ථානය

popular news
-
Don Tuesday, 19 May 2020 11:54 PM
දෙවියන්ගේ ප්රතිමාවලට හානි කල අය ගැන දෙවියන්ගෙන් දැනගත හැකියි. ඇයි මනුසතාට වැඩිය බලයක් එයාට තියෙන නිසා. නමුත් බෝම්බ බැඳගෙන එන මනුසතාව නොපෙනුන දෙවියන්ට හරි එයාගේ ගොලයන්ටවත් ඕවා පේන්නෙ නෑ. ලංකාව ආරක්ශාකරනවයයි කියන තිස්තුන්කොටියක් දෙවියන්ගේන්වත් අහල බලමු. නමුත් එයාලට, අපිට ඇසට නොපෙනෙන COVID පේන්නෙ නැතිලු. ඉතින් උන්ට පින්දීල වැඩක් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

