පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා අද දින සිට නැවත ආරම්භ කරනු ලැබිය. දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ දුම්රිය මාර්ගය යළි යථාවත් කිරීමෙන් අනතුරුව මෙසේ පුත්තලම දක්වා දුම්රිය ධාවනය ආරම්භ විය.
පුත්තලම දුම්රිය මාර්ගයේ මගී දුම්රිය ධාවනය අදියර කීපයක් යටතේ ක්රම ක්රමයෙන් විවෘත කෙරුණු අතර දෙසැම්බර් 29වනදා හලාවත දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කෙරිණි.