රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග ඊ ශ්‍රායෙලයේදී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. කෙසේ වෙතත් මෙම සාකච්ඡා පැවැත්වීමට නම් මුලින්ම සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවැසීය.
එසේම යුද්ධය හේතුවෙන් මේ දක්වා යුක්රේන සෙබලුන් 1300ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය. රුසියානු හමුදාවන් කියෙව් අගනුවර බලය ලබාගැනීමට නම් 'අප සියලු දෙනාම මරා දැමිය යුතුයි' යැයිද ඔහු පැවැසීය.
