පුංචි ඡන්දයට සූදානම් - මැකොස
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් මස 20 වන දිනෙන් පසුව මැතිවරණ කොමිසම් සභාවට නීතිමය බලතල හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.
පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීම සිදුකල කාලයද ඇතුළත්ව නිල කාලය 2023 මාර්තු මස 20 දින අවසන් වන බවත්, නීතිමය ගැටලු ඇති නොවුණහොත් නිසි පරිදි මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ අපේක්ෂාව බවද පුංචිහේවා මහතා කීය.
යෝජිත පාර්ලිමේන්තු තේරිම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (02) පැවැති දැනුවත් කිරිමේ වැඩමුළුවේදි මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතනවල මීට පෙර පැවැති සමස්ථ සභිකයන් ප්‍රමාණය 4917 ක් වුවත්, වර්තමාන ක්‍රමය මත පළාත් පාලන සභිකයන් 8911 ක් සිටින බවත්, එම ප්‍රමාණය අඩු කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් පුංචිහේවා මහතා මෙහෙදී වැඩිදුරටත් පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක, නුවරඑළිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලහිරු කලුම්පිටිය යන මහත්වරුන්ද මෙහෙදී අදහස් දැක්වුහ.
ශාන් හුලංනුගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
